මහාපරිමාණ ව්‍යාපාරිකයෙක් මාස 05කට සීනි ගබඩාකරලා
පසුගිය ඔක්තෝම්බර් 13 දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව රුපියල් 50කට පැවති සීනි කිලෝග්‍රෑමයක බද්ද ශත 25ක් අඩු කළ අතර එම ගැසට්ටුවේ කාලය ලබන 13 වැනි දින ඉකුත් වීමට නියමිතය.
එම ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන් 15 දෙනකු පමණ ශත 25 බැගින් වූ බදු මුදල යටතේ සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අනූපන්දහසක් මේ කාලය තුළ ආනයනය කර ඇත.
එය කිලෝග්‍රෑමයක් රුපියල් 85ක පාලන මිලකට අලෙවි කළයුතු බවට පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් කිලෝග්‍රෑමයක් රුපියල් 110කට වඩා වැඩි මිලකට තොග වශයෙන් අලෙවි කරයි. සාමාන්‍යයෙන් මසකට මෙරට සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් තිස්පන් දහසක්, හතලිස් දහසක් අතර වේ.
