කරදර හා හිරිහැර වලට ලක් වූ 300 ක් දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද(09) දින අලුයම දිවයිනට පැමිණ තිබේ.
විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි
මෙම ශ්‍රී ලාංකිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අද අලුයම 3.00 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයෙන් සහ අලුයම 3.15 ට පැමිණි එම ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන විශේෂ ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළින් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව ඔවුන් ජයේ මධ්‍යස්ථාන වෙත නීරෝධායනය සදහා රැගෙන ගොස් ඇත.
