News

මියගිය ආසාදිතයා දේව මෙහෙයකටත් ගිහින්

රෝහල් ගතකර සිටි මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ පනස් නව වියැති පුද්ගලයකු මියයාමෙන් අනතුරුව කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හෙළිවී ඇත.

මොහු මොරටුව ඉඳිබැද්ද මෙතෝදිස්ත දේවස්ථානයේ දේව මෙහෙයන්ද ඉකුත් විසිඅට වැනිදා සහභාගි වී තිබේ.

ඒ අනුව ඔහුගේ ළඟම ආශ්‍රිතයන් දහඅට දෙනකු සඳහා අටවැනිදා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරිණි. එම වාර්තා ලැබෙන තුරු ඔවුන් නිරෝධායනයට යොමුකර ඇත.

මේ අතර දේවස්ථානයේ ආගමික මෙහෙයන් තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා ඇතැයි මොරටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

මේ වන විට ඉඳිබැද්ද ග්‍රාමයේ දහහතර දෙනකු ආසාදිත බවත් ඉන් තිදෙනකු සුවපත් වී ඇති බවත් වාර්තා වේ.

දර්ශාන් කනිල් – මොරටුව