ඇමති වාසුදේවට කොවිඩ්
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව, මේ වන විට අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට මිට පෙර අනාවරණය වූ අතර මේ වන විට ඔවුන් නිරෝධනය වෙමින් සිටියි
