News

සෞඛ්‍ය නීති කඩ කරන ආයතනය සොයා විශේෂ මෙහෙයුම්

සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද(11) සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාත තුළ සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්, සාප්පු සංකීර්ණ , කර්මාන්තශාලා පවත්වාගෙන යාමේ දී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙම විශේෂ පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම විශේෂ පොලිස් මෙහෙයුම මේ සදහා සිවිල් ඇදුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන් 400ට අධික පිරිසක් යොදවා ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 15 වැනි දින මෙම අති විශේෂ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි ආයතන පවත්වාගෙන යාමේ දී අනුගමනය කර යුතු කරුණු වන දෙයත්සේදීමට ස්ථාන සක්ස්කිරීම, උෂ්ණත්වය පරික්ෂා කිරීම, ඇතුළත සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම ආදි සෞඛ්‍ය ක‍්‍රම අනුගමන කරන්නේ ද යන්න සොයා බැලීම සදහා මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇත.

එවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමන නොකරන ආයතන හදුනාගෙන ඒවායේ හිමිකරුවන්, ආයතන ප‍්‍රධානීන්, පරිපාලන නිලධාරීන්ට නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවට අජිත් රෝහණ වැඩිදුරටත් පවසා සිටී.