News

දින දහයකදී ඩෙංගු රෝගීන් 247ක්

රජය මගින් ක්‍රියාත්මක කර ඇති බිම් සවිය හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන අනුව හඳුනා ගෙන ඇති ඉඩම් කැබලි ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක විවිධ ආරවුල් සහ ගැටලු පවතින බව ඉඩම් අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

මෙම නිසා බිම් සවිය වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණ ඇත. තවද මහජනයාගේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමටද මෙය බාධාවක් වී ඇති හෙයින් 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

විවිධ මහජන නියෝජිතයන්, වැඩමුළු, සහ නිලධාරීන්ගෙන් ලැබුණු යෝජනා සැලකිල්ලට ගනිමින් බිම්සවිය වැඩසටහන සඳහා ඉඩම් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ සෑම බිම් කොටසක්ම මැන නිරවුල් කර හිමිකම් සහතිකයක් නිකුත් කිරීම බිම් සවිය වැඩසටහනේ අරමුණයි.

උදයජීව ඒකනායක