කොළඹට පුද්ගලික වාහන පැමිණීම අවම කිරීමට සුඛෝපභෝගී බස් 200ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 200ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
මේ අනුව කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදුප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙහිදී කෙටි දුර ධාවනය සඳහා මෙම බස් යොදාගැනීමට අවධානය යොමුවී තිබේ.
මේ සඳහා වන යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කර තිබෙන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊට හිමිව තිබේ.
