ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට කොවිඩ්
කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සිව් නිවුන් දරුවන් සහ බිරිඳට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ පැවසීය.
මන්ත්‍රීවරයාගේ එක් දරුවකුට ඇතිවුණ අසනීප තත්ත්වය හේතුවෙන් එම දරුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණය මගින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඉන් අනතුරුව අනෙක් නිවුන් දරුවන් තිදෙනා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇත. එම පරීක්ෂණවලින් සියලුදෙනාම ආසාදිත බවට තහවුරු වී තිබේ.
මෙම පවුලේ සියලුදෙනාම ඊයේ (12 වැනිදා) අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත. වයිරසය ආසාදනය වූ නිවුන් දරුවෝ හතරදෙනා 9 හැවිරිදි වියෙහි පසුවෙති.
සාලිය ගමසිංහආරච්චි -කෑගල්ල
