මාදම්පේ පොලිසියෙන් රජයට හාර කෝටි හැට එක් ලක්ෂයක්
2020 වර්ෂය තුළ මාදම්පේ පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් සිදුකර ඇති වැටලීම්වලින් දඩ මුදල් වශයෙන් රජයට හාර කෝටි හැටඑක් ලක්ෂ හැට අට දාහස් හයසියයක් අයකරදී තිබේ.
පසුගිය වර්ෂය තුළ වැටලීම් 1202ක් සිදුකිරීමට මාදම්පේ පොලිසියේ දූෂණ මර්දන අංශය සමත්වී ඇත. එම වැටලීම්වලදී සැකකරුවන් 1095 දෙනෙකු සහ සැකකාරියන් 159 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.
ජූඩ් සමන්ත – පුත්තලම
