News

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලබන 30 වන දාට පෙර – විභාග කොමසාරිස්

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලබන 30 වන දාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

සෑම වසරකම නිශ්චිත දිනයකදී උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ උපදෙස් දී තිබුණා.

ඒ අනුව උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 යන දිනයන්වල ලබාදෙන ලෙසටයි උපදෙස් දී තිබුණේ.

නමුත් මෙවර උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 එනම් අද දින නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් 321,469 දෙනෙක් මධ්‍යස්ථාන 2267කදී විභාගයට පෙනී සිටියා.