News

වැල්ලවත්තේදී දුම්රිය දෙකක ගැටී දෙදෙනෙකු මරුට

වැල්ලවත්ත ප්‍රදේශයේ දුම්රිය දෙකක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 42ක කාන්තාවක් ඊයේ පස්වරු 3.50ට පමණ දුම්රියක ගැටී මියගිය අතර, වයස අවුරුදු 65ක පුද්ගලයෙන් ඊයේ රාත්‍රී 7.15ට පමණ දුම්රියක ගැටී මියගිය බවයි.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී කාන්තාව මියගිය අතර, පිරිමි පුද්ගලයා වැල්ලවත්ත සිට දෙහ වල දෙසට ධාවනය වූ දුම්රියක ගැටුනු බවයි පොලීසිය පවසන්නේ.