News

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන්ගේ තත්ත්වය සුව අතට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් ගිලන්ව මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

දින කිහිපයක සිට මහානායක හිමියන් මහනුවර මහරෝහලේ හෟද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් උන් වහන්සේගේ අසනිප තත්ත්වය දැනට සුව අතට පත් වෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසන බව මහනායක හිමියන්ගේ පෞද්ගලික ලේඛකකාධිකාරි හිමියන් සදහන් කළා.

ලේඛකාධිකාරි හිමියන් වැඩි දුරටත් සදහන් කළේ මහානායක හිමියන් බැහ දැකිම සදහා අමුත්තනට අවස්ථාවක් නොමැති බවත් එය වෛද්‍ය උපදෙස් මත සිදු කර ඇති බවයි.