ළමා රෝහලට නව වාට්ටු සංකීර්ණයක්
වාර්ෂිකව ශල්‍යකර්ම 18000 කට වඩා වැඩි සංඛ්‍යාවක් කරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවන බැවින් නව මහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම රෝහලේ දැනට ඇති ඇඳන් සංඛ්‍යාව 1016 ක් වන අතර ශල්‍යාගාර හතකින් යුක්ත වෙයි. ස්නායු ශල්‍යකර්ම, විකලාංග ශල්‍යකර්ම, විශේෂිත විකලාංග ශල්‍යකර්ම වැනි සේවාවන් සඳහාද ශල්‍යාගාර ප්‍රමාණවත් නොවන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2014 වසරේද චීන රජයේ මූල්‍යාධාර අනුව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සැලසුම් කළත් එය ව්‍යර්ථ විය. නව ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1952 කි. මේ සඳහා රුපියල් මිලියන 42 ක ප්රදානයක්ද ලැබී ඇත.
ඉතිරි මුදල වන රුපියල් මිලියන 1910 ක මුදල ඒකාබද්ධ අරමුදලෙන් ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉදිකිරීම් කිරීමට සැලසුම් කර තිබේ.
උදයජීව ඒකනායක