News

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනර් රථයක් සමග සැකකරුවෙකු හොරණ මේධංකර විදුහල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති බවයි පොලීසිය පැවසුවේ.