රු. ලක්ෂ 11ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ අද උදෑසන 6.00 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය සොයාගෙන අත් අඩංගුවට ගත් බවයි.
මොහු නාත්තන්ඩිය , ඉහළ කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙක් වනවා.
ඔහුගේ එම ගමන් මල්ලෙන් විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 100 ක් හමුවී තිබෙනවා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 11 ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙම සිදුවීම පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ අතර , එහිදී මෙම විදේශීය දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළා.