තෙල් අඩුවුණාට දුම්රිය ගාස්තු අඩු කරන්න බැහැ – සාමාන්‍යාධිකාරී
අවස්ථා තුනකදී ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව දුම්රිය ගාස්තු අඩු කළ නොහැකි බව එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවැසීය. බස් ගාස්තු, ත්‍රීවීල් සහ කුලී රථ ගාස්තු අඩු කිරීමට කටයුතු කළත් දුම්රිය ගාස්තු අඩු නොකිරීම සම්බන්ධයෙන් අරුණ කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවැසීය.
දුම්රිය ගාස්තු වැඩි කරනු ලැබුවේ වසරක 10කට පසුව බවත් සෑමදිනකම දුම්රිය ධාවනය වන්නේ පාඩුවට බවත් ඔහු සඳහන් කළේය. ගිය වසරේ මෙහෙයුම් වියදම බිලියන 17ක් වන අතර ආදායම බිලියන 7ක් බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. බස් රථවල බස් ගාස්තු අඩු කළද සිය දෙපාර්තමේන්තුවට දුම්රිය ස්ථාන, මාර්ග, සංඥා පද්ධති නඩත්තු කිරීමටද සිදුවී ඇති බැවින් ඉන්ධන මිල පදනම් කරගෙන ගාස්තු සංශෝධනය කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.