නිධන් සොයා කැනීම් කළ අයෙක් මාට්ටු
ආරච්චිකට්ටුව පොලිස් වසමේ ආරච්චිකට්ටුව වැව රක්ෂිත ප්රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ආරච්චිකට්ටුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 60හැවිරිදි අඩිප්පල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද(30) හලාවත මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.