අද වැසි තත්වය තරමක් අඩුවෙයි
දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේවෙතත් නැගෙනහිර පළාතෙත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි තත්වයක් ඇති විය හැකි බවත් මධ්‍යම, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.