News

නැගණිය සමග ඔන්චිලි පදිමින් සිටි පාසැල් සිසුවෙක් ලණුව ගෙලේ සිර වීමෙන් රෝහලට

පේර ගසක ඔන්චිල්ලාවක් බැද ඔන්චිල්ලාවක් පදිමින් සිටි පාසල් සිසුවෙක් ඔන්චිල්ලාව බැද තිබු ලණුවේ ගෙල සිර වි අසාධ්‍යය තත්ත්වයේ සිටියදි එම සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් සිසුවාගේ තත්ත්වය බරපතල නිසා සිසුවා වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහලේ දැඩි සත්කාර එක්කය වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් මානෙළු වත්තේ පදිංචි රෝහල් ගත කර සිටින 14 හැවිරිදි පාසල් සිසුවා සිය නැගණිය සමග ඊයේ (29) පස්වරු 1 ට පමණ නිවස ඉදිරිපිට පේර් ගසක ඔන්චිල්ලාවක් සකස් කර එම ඔන්චිල්ලාවේ ඔන්චිලි පදිමින් සිටියදි සිසුවාගේ ගෙල ඔන්චිල්ලේ ලණුවේ සිර වි සිටිනු දුටු අසල්වාසියෙක් ඔන්චිල්ලාවේ ලණුව කපා සිසුවා මුදාගෙන රෝහල් ගත කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

ලණුව සිර විම නිසා සිසුවාගේ ගෙල ප්‍රදේශයට දැඩි හානි සිදු වි තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.
නිවසේ කිසිවෙකු නොසිටි අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ