News

බිරිඳගේ ගෙල කැපු සැමියා අත්අඩංගුවට

රත්නපුර මහවලවත්ත ප‍්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන ප‍්‍රදේශයකදී අත්අංඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පිටරවුම්පාර මහවලවත්ත පදිංචිව සිටි පෙරුමාල් වසන්ති කුමාරි නැමති වයස අවුරුදු 40ක දෙදරු මවකි.

කදෙන් වෙන් කළ හිස කොටස වල දමා තිබියදී සොයාගෙන ඇති අතර එම හිස කොටස රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි,

කාන්තාව ඝාතනය කල ඔපුද්ගලයා ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.‍