News

පොලිසියට බයවෙලා වැවට පැන්න තරුණයෙකු අතුරුදන්

වවුනියාව පොලිසිය විසින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ලුහුබැදීම හමුවේ වවුනියාව වැවට පැනීමෙන් අතුරුදහන් වී ඇත.

මත්පැන් පානය කොට ගමන් කළ යතුරුපැදියක් නැවැත්වීමට යාමේදී යතුරුපැදිකරු පොලිසියට බියෙන් පළාගොස් ඇති අතර , අනතුරුව යතුරුපැදිය දමා තරුණයා වැවට පැන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම සිදුවීම ඊයේ රාත්‍රී 12.00 ට පමණසිදු වී ඇති අතර අලුයම තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.