ජනපති සහ අගමැති කොවිඩ් එන්නත ලබාගනී
කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාගෙන තිබේ.
අද කොළඹ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා මේ බව තහවුරු කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී ගැනීමට නියමිතයි.