විසිතුරු මසුන් රට යවලා ඩොලර් මිලියන 13ක් උපයලා
විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් පසුගිය වසරේදී පමණක් මෙරටට ඩොලර් මිලියන 13ක ආදායමක් ලැබුණු බව විසිතුරු මසුන් අපනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඩ්රිෂාන්ත ඇලෙක්සැන්ඩර් ‘අරුණ’ ට පැවැසීය.
කොරෝනා වසංගතය අතරේ වුවද මසුන් අපනයනය කළ බවත්, මේ වනවිට මෙරටින් විසිතුරු මසුන් වැඩි වශයෙන්ම මිලදී ගන්නා රට වන්නේ ඇමරිකාව බවත් ඔහු කීය.
මේ වනවිට විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ විදේශ රටවලින් ලැබෙන මත්ස්‍ය ඇණවුම් එම රටවලට යැවීමට තරම් ප්‍රමාණවත් ගුවන්යානා පහසුකම් නොමැති වීමය.
මේ පිළිබඳ සංචාරක ඇමැති දැනුවත් කළත් මෙතෙක් විසඳුමක් නොලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.
අශිකා ජයවීර