උසස් වීම් නොලද පොලිස් නිලධාරීන්ගේ පෙත්සම අධිකරණය හමුවට
පොලිස් සේවයේ විවිධ තනතුරු දරන විශාල පිරිසකට මෑතකදී එකවර උසස් වීම් ලබාදීමේදී තවමත් නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් පොලිස් රියැදුරන් සහ සැරයන්වරු 235 දෙනෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ කැඳවන ලදී.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වසර 12 සිට 18 දක්වා කාලය තුළ උසස් වීම් නොලැබී මෙන් තමන් රැකියාව පිළිබඳව අතෘප්තියකට සහ දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති හා පොලිස් කොමිසම නම් කර තිබූ අතර රාජ්‍ය සේවා කොමිසමේ සභාපති හා සාමාජිකයන්ද ඇතුළත් කිරීමට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර දුන්නේය.
අධිනීතිඥ දර්ශන කුරුප්පු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
සරත් ධර්මසේන