කාත්තන්කුඩියේ මුඛ ආවරණ නොපැළඳි පිරිසකට පොලිසියෙන් අවවාද
කාත්තන්කුඩි පොලිස් වසමේ මුඛ ආවරණ නොපැළඳ සංචරණය කළ පුද්ගලයින් 57 දෙනෙකුට පොලීසිය විසින් අවවාද කර තිබේ.
මේ අනුව එම මුඛ ආවරණ නොපැළඳ සිටි පිරිසගේ නම් හා හැදුනුම්පත් අංක යනාදී සටහන් කර ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.
කාත්තන්කුඩිහි ප්රධාන මාර්ගවලට පොලිස් නිලධාරීන් යොදවා මෙම පිරිස හඳුනාගෙන තිබිණි.
කාත්තාන්කුඩි ගුට්වින් හන්දිය, ප්රධාන මාර්ගය, වෙරළ පාර ඇතුළු බොහෝ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් සහ වාහනවල මුඛ ආවරණ නොපැළඳ ගමන්කරන පුද්ගලයන් ද සිටි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කර ඇත.