පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (25) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීමට නියමිතයි.
ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.