චැපල්ටන් වතුයායට සංචරණ සීමා
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා මේ සමග ඊයේ රාත්‍රීයේ සිට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කර ඇත.
එම පිරිස මින් පෙර වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස සිට නිරෝධායනට ලක් කර සිටි පිරිසක් බව එම නිලධාරියා සඳහන් කර තිබේ.
මේ අනුව එම ආසාදිතයන් 11දෙනාගේ ආශ්‍රිතයන් වශයෙන් 75 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිස ස්වයං නිරෝධානයට ලක් කර PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.