ගල්කිරියාගම සිවිල් ආරක්ෂක පොකුරට ආසාදිත 66ක්
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ කොරෝනා ආසාදිත පොකුර හැටහය (66) දක්වා ඉහළ ගොස් ඇතැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න බංඩා පවසයි.
ඊයේ දින හමුවූ නව ආසාදිතයින් දහනවදෙනා සමගින් එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන මෙසේ හැට හය (66) දක්වා ඉහළ ගොස් ඇත. මෙම රෝගීන්ගෙන් පුහුණු පාසල පිහිටි ගම්මානයට කිසිදු සෞඛ්‍ය තර්ජනයක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. මෙසේ සිවිල් ආරක්ෂක පොකුරක් නිර්මාණය වී ඇත්තේ පසුගියදා (4දා)කොළඹ පැවැති ජාතික නිදහස් දින උලෙළ හරහා බවට ඔවුන් සැක පහළ කරයි. මෙම හැටහයදෙනා (66) සමග පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 78 දක්වා ඉහළ ගොස් ඇත.
සචින් කරුණාරත්න-මරදන්කඩවල