News

ගම පුරා ගිය කොස් වෙළෙන්ඳාට කොවිඩ්

තිස්සමහාරාම හා ඒ අවට පිහිටි සති පොළවල්වල කොස් අලෙවි කරන වෙළෙන්දෙකුටත් කොරෝනා ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මෙසේ හමුවූ ආසාදිතයා තිස්සමහාරාම විජිතපුර ග්‍රාම නිලධාරී වසමෙහි මුතියම්මාගම ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකි.

ඔහු මිද්දෙනිය, කටුවන හා වළස්මුල්ල වැනි ප්‍රදේශවලට ගොස් කොස් ගෙඩි තොග පිටින් මිලට ගෙන විත් කපා සකස්කර තිස්සමහාරාම ප්‍රදේශයෙහි පොළවල්වල අලෙවි කරන්නෙකි.

ඔහු මෙසේ කොස් රැගෙන ඒමට පිට ප්‍රදේශයකට ගිය අවස්ථාවේහි එම ප්‍රදේශයෙහි සෞඛ්‍ය බලධාරීන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

ඒ.ඒ. පේමසිරි -තිස්සමහරාම