News

කොතලාවල සරසවියේ 27කට කොරෝනා

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෙවනගල නුගේගලයාය ප්‍රදේශයේ පිහිටි දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍ය ශිෂයාවන් විසිහත් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔවුන් මේ වන විට කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මීට අමතරව අද දිනයේ (24) මොණරාගල දිස්ත්‍රික්කයෙන් තවත් කොවිඩ් රෝගීන් දසදෙනෙකු හදුනාගෙන ඇත.

එම ආසාදිතයින් ද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.

ඒ අනුව අද දිනයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 37දෙනෙකු හදුනාගෙන ඇතැයි මොණරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

එම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛයාව 428ක් වන අතර, පුද්ගලයින් 574දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.