News

ලාංකිකයින් දහස් ගණනකට වට්සැප් අහිමිවීමේ අවදානමක්

නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැයි 15 වන දින වන විට යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිගන්නේ නැති වට්සැප් පරිශීලකයන් සියල්ලන් හට පණිවිඩ ලැබීමට හෝ යැවීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බවක් වට්සැප් සමාගමෙන් නිවේදනය කොට ඇත.

නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිනොගන්නා පරිශීලකයන් හට සීමිත කෙටි කාලයක් සදහා පමණක් ඇමතුම් සහ දැනුම්දීම් ලබාදීමට කටයුතු කරන බවත් වට්සැප් සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කොට ඇත.

යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිලි නොගන්නා වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් “අක්‍රිය” ලෙස ලැයිස්තු ගත වන අතර අක්‍රීය ලෙස ලැයිස්තු ගත වූ ගිණුම් දින 120කට පසු මකා දැමීමකට ලක්වන බව වාර්තා වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.