News

ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම සලකාබැලීමට අධීක්ෂණ මණ්ඩලයක්

 

 

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට පනවා ඇති ෆේස්බුක් තහනම සම්බන්ධ ස්ථිර තීරණයක් ගැනීම සඳහා මාස දෙකහමාරක් පමණ ගත්වියහැකි බව ෆේස්බුක් අධීක්ෂණ කමිටුව සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් අධීක්ෂණ කමිටුවේ සම සභාපතිවරයකු වන හිටපු ඩෙන්මාර්ක අගමැති හෙලේ තෝර්නිං – ෂ්මිට් මහත්මිය සඳහන් කර තිබේ.

එම අධීක්ෂණ මණ්ඩලය සඳහා 20 දෙනකුගෙන් සමන්විත වන අතර සම සභාපතීත්වය දරන්නේ තෝනිං-ෂ්මීට් සහ ගාඩියන් පුවත්පත් හිටපු ප්‍රධාන කතෘ ඇලන් රුස්බ්‍රිජර් විසිනි. අනෙක් සාමාජිකයින් අතර නීති විශාරදයින්, මානව හිමිකම් විශෙෂඥයින් සහ මාධ්‍යවේදීන් සිටිනවා.

කෙසේ වෙතත් තහනම අවලංගු කරන ලෙස සෘජුවම ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා ආයාචනා කර ඇති බව පැවසෙනවා.