News

බන්ධනාගාරවලින් නව ආසාදිතයින් 25ක්

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4832 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හඳුනා ගත් නව ආසාදිතයින් 25 දෙනාම නේවාසික රැඳවියන් වේ.

මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4623 ක් වන අතර තවදුරටත් 196 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.