News

විදුලි කාර්මිකයින්ට පිළිගත් වෘත්තීය සුදුසුකමක්

මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම සඳහා රජය පියවර ගෙන තිබේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම ඊයේ(23) නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේදී සිදුකරනු ලැබීය.

මෙරට විදුලි කාර්මිකයින් 45,000ක පමණ පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් 85% කට සිය වෘත්තිය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති අතර එම ගැටළුවට පිළියමක් වශයෙන් නොමිලේ මෙම ජාතික වෘත්තීය සුදුසුකම විදුලි කාර්මික ශිල්පීන්ට ලබාදීමට රජය තීරණය කරනු ලැබීය.