News

එන්නත්කරණ වැඩසටහනට මැතිවරණ කොමිසමේ සහාය

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව රජය පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමග සම්බන්ධ වී හැම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් 30ට වැඩි අය හඳුනාගැනීමක් කර ඔවුන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය සියලු කටයුතු ටික සම්පාදනය කර තිබේ.