News

ඉරානයෙනුත් කොවිඩ් එන්නතක්

මුලික පර්යේෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසයි.

එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හැඳින්වේ.

පර්යේෂණ ප්‍රධානී මොහොමඩ් රේසා සලෙහි පැවසුවේ පුද්ගලයින් 35 දෙනෙක් යොදාගෙන කළ මූලික අත්හදාබැලීම් හිතුවාටත් වඩා සාර්ථක වන අතර මෙම එන්නත එංගලන්තයේ හමුවූ “නව කොවිඩ් ප්‍රභේදයට” ද ඉහළ ප්‍රතිචාර දක්වා තිබේ.