News

විදෙස් ශ්‍රමිකයින් 65000ක් කටාර්වල දී මිය ගිහින්

විදෙස් ශ්‍රමිකයින් විශාල පිරිසක් පසුගිය වසර 10 තුළදී කටාර් රාජ්‍යයේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකික, ඉන්දීය, නේපාල, බංග්ලාදේශ, සහ පාකිස්තාන ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙලෙස මිය ගොස් ඇති අතර ඉන් බහුතරයක් එරට ක්‍රීඩාංගණ ගොඩනැගීමට පැමිණි විදෙස් ශ්‍රමිකයින් වේ.

එම මාධ්‍ය වාර්තා අනුව මියගොස් ඇති විදෙස් ශ්‍රමිකයින් ගණන 6,500 ඉක්මවයි.

2010 දෙසැම්බර් සිට 2020 දෙසැම්බර් දක්වා සෑම සතියකටම එම ආසියානු රටවල් පහෙන් පැමිණි විදෙස් ශ්‍රමිකයින් 12 දෙනා බැගින් මියගොස් තිබේ.

2011-2020 කාලය අතරතුර ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාවෙන් ලබාගත් දත්ත අනුව විදෙස්ගත ශ්‍රමිකයින් 5,927ක් මියගොස් ඇත.

2010-2020 අතරතුර පාකිස්තානුවන් 824 දෙනෙකු කටාර් රාජ්‍යයේදී මියගොස් ඇති බව ට වාර්තා වේ.

2022 දී ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟාවලිය කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන වශයෙන් අධික ලෙස වැඩෙහි යෙදවීම හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි