එන්නතින් පමණක් කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න බෑ
කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පමණක් කොවිඩ් වෛරසයෙන් සම්පුර්ණයෙන් ආරක්ෂා විය හැකි බවට මෙතෙක් සාධක කිසිවක් ඉදිරිපත් වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
එන්නත් ලබා ගත් සහ ලබා නොගත් සියලුදෙනා තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
එන්නත ලබාගැනීමට මත්පැන් පානය කිරීම හෝ දුම්පානය කිරීමේ පුරුදු පැවතීම බාධාවක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ඖෂධය නිෂ්පාදනය කළ පර්යේෂණ ආයතන හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරු හෝ කිසිම කෙනෙක් පවසා නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.