News

කොළඹ කොරෝනා අඩුවෙයි

කොළඹ මහ නගර සභා සීමාවෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව පෙරේදා (25 වැනිදා) වන විට කොළඹ මහනගර සභා සීමාවෙන් කොවිඩ් රෝගීන් වාර්තා වී ඇත්තේ 13 දෙනකු පමණි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ එන්නත් මධ්‍යස්ථානවල එන්නත්කරණය ප්‍රදේශයේ ජනතාව පැමිණ ලබාගෙන අවසන් වන තුරු සිදු කරන බවය.

වරුණි පෙරමුණ