සුසාන භූමියක් නායයෑමට ලක්වෙයි
සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලියේ ජෙනොවා නුවර කැමෝග්ලි නමින් හඳුන්වන සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මුහුදේ පාවෙමින් තිබූ මිනීපෙට්ටි ගොඩගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජෙනෝවා නඩු අධ්යක්ෂවරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.
මුහුදු ඛාදනය හේතුවෙන් මෙම සුසාන භූමිය අසල පිහිටි දෙව්මැඳුරු දෙකක් ද විනාශ වී තිබේ.