සා.පෙළට සිසු සැරිය බස් ධාවනයේ
සිසුසැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කරන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල ධාවනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම සේවකයන් හට දැනුම් දෙනු ලබනවා.
මේ අනුව මාර්තු මස 01 වැනි දින සිට 11 වැනි දින දක්වා සියලු දිනවල අනිවාර්යයෙන්ම ධාවනය කළ යුතු බවයි පැවසෙන්නේ.
තවද සිසු සැරිය බස්රථ ධාවනය කිරීමේදී පිටස්තර මගියෙකු බස් රථයට නංවා නොගත යුතු බව ද ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සඳහන් කරනවා.