News

මානව හිමිකම් සැසියේදී රටවල් 21ක සහාය ලංකාවට

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින් ඊයේ (25) ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සිය ස්ථාවරය ප්‍රකාශ ඇත.

මේ අනුව රටවල් 38ක් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබුණි

මෙහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි.

මේ අතර ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් පළකර තිබේ.

චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුලු රටවල් 21ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් පළකළ අයුරු දැකගත හැකිවිය.