News

යතුරු පැදියක ගමන් ගත් දෙදෙනෙකු ලොරියක ගැටී මරුට

ගිරිඋල්ල, මීගමුව ප්‍රධාන මාර්ගයේ දියගම්පළ, කටුපොල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඊයේ (01)රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා දඹදෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

ඉයගොස් ඇත්තේ කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.