ඕනෑම ගැටලුවකදී චීනය ලංකාව සමගයි
ගෝලීයව බලපාන ඕනෑම ගැටලුවකදී චීනය තම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව චීන විදේශ ඇමැති වැං ගී ප්‍රකාශ කර තිබේ.
එසේම ලොව ඇතැම් බලවත් රටවල් මානව හිමිකම් නාමයෙන් කුඩා රටවල් පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දී තිබේ.
චීන විදේශ ඇමැතිවරයා මෙසේ සඳහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (25 වැනිදා) ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග පැවැති විශේෂ දුරකතන සංවාදයකදීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැගෙමින් පවතින අතරවාරයේ චීනය මෙලෙස සහයෝගය පළකිරීම මෙහි ඇති විශේෂත්වයකි.
දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය මෙහි දී සිහිපත් කර ඇති චීන විදේශ ඇමැතිවරයා චීනය මෑතකාලීනව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ආයෝජන පිළිබඳවද සිහිපත් කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් බවට පත් කරමින් චීනය ගෝලීයව දියත් කර ඇති ‘එක් තීරයක්-එක් මාවතක්’ (The Belt and road initiative) වැඩසටහනට සක්‍රියව දායකවන ලෙසද ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.
නයන තරංග ගමගේ