News

මාස දෙකකට ඩෙංගු රෝගීන් 3141ක්

 

 

ගත වූ මාස දෙක තුළ මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 3141ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව ජනවාරි මාසයේ ​රෝගීන් 1483කුත් පෙබරවාරි මාසයේ රෝගීන් 1658කුත් වාර්තා වී ඇත.

දත්ත වාර්තාවලට අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1965කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 236කි.

වරුණි පෙරමුණ