ගම්පහ මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (01) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව තිබේ.
ඒ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දින දෙකක විවේකයක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින්.
ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී. රත්නායක මහතා පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද අනතුරුදායක තත්ත්වයක් යටතේ කටයුතු කරන බවයි.
බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති චක්‍රලේඛය මගින් හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙන දින දෙකක විවේක නිවාඩුව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට ද ලබාදීම සිදුකරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.