News

ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ රටක් ලෙස ලංකාව ලැයිස්තුගත කෙරේ

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදු කර ගනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85ක් ඇසුරින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජය ගන්නට තිබෙන ප්‍රධාන බාදාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදු කරගෙන යනු ලබන මාෆියාව හේතු වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර ” ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක් ” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් හෙළිදවව් කර ඇත.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබා දීම, පාරිභොගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදු කරන අතර මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවදානයක යොමු නොකරන බවක් දැකගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්මයක් වන Net Neutrality සංකල්පයෙන් බැහැර වී තම සේවා සැපයීම පරිශීලකයන්,අන්තර්ගතයන්, වෙබ් අඩවි, වේදිකාවන්, යෙදුම්, උපකරණ් වර්ග, ප්‍රභව ලිපින, ගමනාන්ත ලිපි හෝ සන්නිවේදන ක්‍රම මත පදනම්ව වෙනස් ලෙස සිදු කරමින් ඇති බව පෙන්වා දෙයි.