News

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 80000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 598දෙනෙකු පූර්ණය සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80020 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 83552දෙනෙකු මේ දක්වා හදුනාගෙන ඇති අතර, ඉන් ආසාදිතයින් 3056දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගල සංඛ්‍යාව 476කි.