News

කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉරණතිව් දූපත් වැසියන් අද විරෝධතාවයක

 

 

කොවිඩ් ආසාදිත මළ සිරුරු කිළිනොච්චිය ඉරනතිව් දූපතේ වළදැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) විරෝධතාවයක නිරත වීමට නියමිතය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (02) සඳහන් කර ඇත්තේ කොවිඩ් ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරනතිව් දූපත හඳුනාගෙන ඇති බවයි

අද (03) දින ඊට විරෝධය පලකරමින් ඉරණතිව් දූපත්වාසීන් විරෝධතාවක් සැලසුම් කර ඇති බව වාර්තා කරුවන් සඳහන් කරනවා.

මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වශයෙන් ධීවර කර්මාන්තයේ නියුතු වනවා.

එම දුපත් වසින්ගෙන් කිසිඳු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් සඳහන් කර ඇත.