News

අධික ශබ්දයෙන් ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්

ජංගම දුරකථන භාවිතයේදී ‘හෙඩ් සෙට්’ යොදා ගැනීම කර්මාන්තශාලා අසල ජීවත්වීම හා උත්සව අවස්ථාවලදී යොදා ගන්නා සංගීත කණ්ඩායම්වලින් නිකුත් වන අධික ශබ්ද හේතුවෙන් ශ්‍රවණ ආබාධ ඇතිවිය හැකි බව උගුරු කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය පැවැසුවාය.

ඉදිරියේදී උපදින සෑම දරුවකුම රෝහලින් ගෙනයාමට පෙර ශ්‍රවණ පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වෛද්‍යවරිය කියා සිටියාය.

ඊයේ (3දා) යෙදී තිබූ ලෝක ශ්‍රවණ දිනයේ අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් මේ බව ප්‍රකාශ කළාය.